(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ නින්දවුර් අල්ලිමුල්ල ප්‍රදේශයේ කුඹුරු යායක පිහිටි ළිඳක වැටුණු අලි පැටියකු ගොඩ ගෙන මුදා හැරීමට අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකයේ නිළධාරින් සමත් විය.
මෙම වෙල් යායේ සිලින්ඩර් බස්සවා තිබුණු ළිදේ අලි පැටියා වැටී ඇති අතර ඇතින්නිය සමඟ අලි කිහිප දෙනෙක් අලි පැටියාට රැකවල් දී එම ස්ථානයේ සිටි අතර අලි පැටියා ගොඩ ගැනීමට පැමිණි වනජීවි නිලධාරින්ට ද අලින් පහරදීමට තැත් කළේය.
පසුව අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා විසින් මෙම ඇතින්නිය නිර්වින්දනය කරන ලදී. පසුව වනජීවි නිලධාරින් සියලු දෙනා එක්ව බැකෝ යන්ත්‍රයක් මාර්ගයෙන් ළිදේ සිලින්ඩර් ඉවත්කර අලි පැටියා බේරා ගනු ලැබිය.
අලි පැටියා ඇගේ ද සීරීම් තුවාල තිබුණු අතර වනජීවි නිළධාරින් විසින් ඒවාටද ක්ෂණිකව ප්‍රතිකාර කළේය. පසුව නිරිවින්දනය කරන ලද ඇතින්නියගේ ඇගේ තිබුණූ තුවාල වලටද ප්‍රතිකාර කිරිමෙන් පසු පශු වෛද්‍යවරයා ඇතින්නියට නැවත සිහිගන්වනු ලැබීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ළිඳට වැටුණු අලියාගේ දිවි බේරාගනී