(සංජය මධුශාන්)
මොරගොඩ වන්නම්කුලම ප්‍රදේශයේ වට්ටක්කා හේනක් විනාශ කර යමින් සිටියෙදී පාලු ළිඳකට වැටී සිටි වන අලි තිදෙනෙකු බේරාගෙන වනයට මුදාහළ බව රිටිගල වනජීවි නිළධාරීහු පවසති.
ළිඳකට වැටි සිටින අලි පිළිබඳව ගම්වාසීන් විසින් රිටිගල වනජීවි නිළධාරීන්ට ලබා දුන් තොරතුරු අනුව ඇතින්නියක් හා ඇගේ පැටවුන් ආරක්ෂිතව ගොඩට ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.
මේ දින වල වන අලි රංචු 03 ක් එම ප්‍රදේශයේ වගාවන් පාළු කරමින් නිරන්තරයෙන් සැරිසරන බව ප්‍රදේශවාසීහු පැවසූහ.
අලි වැටී සිටි ළිදට ආසන්නව වගා කර තිබු වට්ටක්කා හේනක් සම්පුර්ණයෙන් විනාශ කැ තිබේ. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් පසු නැවත යන මෙම අලි තිදෙනා ළිඳට වැටෙන්නට ඇතැයි ගම්වාසීහු පවසති
අලි විනාශ කළ තම වට්ටක්කා කොටුව නිරීක්ෂණයට පැමිණි ගොවියා විසින් මෙම වන අලින් තිදෙනා දැක ඇති අතර පසුව රිටිගල වනජීවි නිළධාරීන්ට දැනුම් දී තිබිණි.
බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් වන වන අලින්ට ගොඩට පැමිණිය හැකි වන සේ මාර්ගයක් සකස් කර රිටිගල වනජීවි කාර්ය්‍යාලයේ නිළධාරීන් හා මොරගොඩ පොලීසිය එක්ව ආරක්ෂිත ලෙස මෙම වන අලි ගොඩට ගෙන කැලයට මූදා හැරියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ළිඳකට වැටුණු අලි තිදෙනෙකු ගොඩට ගෙන වනාන්තරයට