පුත්තලම - ජුඩ් සමන්ත.
හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී කොහොඹ ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල විය.
07 වැනිදා අළුයම පැවති වැසි සහිත කාලගුණයත් සමග මෙම ගස කඩා වැටී ඇත.
මාර්ගය අයිනේ පවත්වා ගෙන ගිය තාවකාලික කිරි අලවි සැළකටද ගස කඩා වැටීමෙන් හානි සිදුවී ඇති අයුරු දක්නට ඇත.
හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් කඩා වැටී තිබූ ගසේ කොටස් ඉවත් කර වාහන ගමනා ගමන යථා තත්ත්වය පත් කරන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd