IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හලාවත ආපන ශාලා දෙකක ගින්නක්

( ඔගස්ටින් ප්‍රනාන්දු )        
 
හලාවත නගර මධ්‍යයෙහි පුත්තලම පාරේ පිහිටි ආපන ශාලාවක අද ( 19) හදිසියේ හටගත් ගින්නකින්  ආපන ශාලා දෙකකට හානි වි ඇති බව හලාවත පොලිසිය කියයි.
 
 එක් ආපන ශාලාවක ගෑස් සිලින්ඩරයක් නොසිතු ලෙසින් පුපුරා යාමෙන් ක්ෂණිකව ගින්නක් ඇතිවු අතර මෙම අවස්ථාවේ දි ආපන ශාලාව තුළ ආහාර ගනිමින් සිටි පිරිස භිතියෙන් එම ස්ථානයෙන් පලා ගොස්  ඇතැයි ද පොලීසිය කියයි.
 
 හලාවත නගර සභා ගිනිවිම් එකකයේ ජල බවුසර් දෙකක් ඇතත් ඉන් එකක් මේ වන විට අබලන් වි ඇති නිසා එක් ජල බවුසරයක් පමණක් ගින්න මැඩ පැවැත්වීමට යොදාගෙන තිබේ. එම බවුසරයේ ජලය ප්‍රමාණවක් නොවිම නිසා ගින්න  පැතිර යාම  සිදුවු නමුත් හලාවත පොලිසියේ ජල බවුසරයක් හා නගර සභාවේ සාමාන්‍ය ජල බවුසරයක් ද ගින්න මැඩ පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
 
 මෙම ගින්න පැයක පමණ කාලයක් ගත වු පසු නිවා දැමීමට හැකිවු අතර සිදුවු අලාභය මෙතෙක් ගණනය කර නැති බ ව  කියයි.  ගින්න නිසා පුත්තලම කොළඹ මාර්ගයේ හලාවත සීමාවෙහි දැඩු වාහන තදබදයක් මට ගෙනව තිබුණි.



අදහස් (0)

හලාවත ආපන ශාලා දෙකක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site