(ඩී.කේ.රත්න )
 

හාලිඇල උඩුවර හතේ කණුව ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී සිව සුබ‍්‍රමනියම් ස්වාමි කෝවිලේ ගණදෙවි පිළිරුව අද (27) අලූයම කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ගොස් ඇතයි හාලිඇල පොලීසිය පවසයි.
 
පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  කෝවිලේ තිබූ ගණදෙවි පිළිරුව සොරා ගෙන රැගෙන යන අයුරු කෝවිලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක පටිගත වී ඇතැයි පොලීසිය කියයි.
 
හාලිඇල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි හාලිඇල පොලීසීයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.