( උපුල් තම්මිට )
පවතින වියලි කාලගුණයත් සමඟ ප්‍රමාණවත් ලෙස මහවැලි ජලය හුරුළු වැවට නොලැබුණහොත් කන්න හතරක් අහිමිවීමේ අවදානමක් ඇතැයි හුරුලුවැව ගොවීහු පවසති.
මහවැලි බලධාරීන් නියමිත පරිදි ජලය මුදා හැර ඒ පිළිබඳව අධීක්ෂණය කළහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම ගොවි ව්‍යාපාරයක ජන ජීවිතය නගාසිටුවීමට හැකිවනු ඇතැයිද ඔවුහු විශ්වාසය පළකරති.
සෑම වසරකම යල කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉහළම අතිරේක භෝග වගා කෙරෙන්නේ හුරුළු වැව ව්‍යාපාරයේ වන අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම කන්න හතරක් අතහැර දැමීමට සිදුවී ඇත්තේ ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් බව ගොවීහු පෙන්වා දෙති.
අක්කර අඩි පනස් පන්දහසක විශාලත්වයකින් යුත් හුරුළු වැවේ මේ වනවිට අඩි අට දක්වා ජල මට්ටම පහළබැස ඇති අතර එය වැවේ ජීවත්වන මිරිදිය මත්ස්‍යන්ට හෝ ප්‍රමාණවත් නොවන බව ගොවීහු පවසති.
මෙවර යල කන්නය තුළ අතිරේක භෝග හෝ වගාකිරීම සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් මහවැලි ජලය අක්කර අඩි තිස්හයදහසක් වාර කිහිපයක් තුළ ලබාදෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව ඉල්ලීම් කර ඇතත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඔවුහු කියති.
මධ්‍යම කදුකරයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම ඉල්ලීම කළ බවද ඔවුහු සදහන් කර සිටියේය.
නමුත් හුරුලුවැවට මහවැලි ජලය ලබා දීමේදී බෝවතැන්න හැරවුමේ සිට සීගිරිමුල්ලෙන් ආරම්භවන යාන්ඔය දක්වා ජලය ප්‍රවාහනය කෙරෙන මහවැලි ඇල මාර්ග වලින් ඒ අවට ගොවීන් විසින් හිතුමතේ ජලය පොම්ප කිරීම හේතුවෙන් ප්‍රමාණවත් පරිදි යාන් ඔය ඔස්සේ හුරුළු වැවට ජලය නොලැබෙන බව ගොවීහු චෝදනා කර සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හුරුළු වැවට ජලය නොලැබීමෙන් ගොවීහු අසරණ වෙති