ඉන්දිකා රාමනායක
එගොඩ උයන , මෝදර ප‍්‍රදේශයේ දී හොරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් කණ්ඩායමකට බාධා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.
පොලිස් කණ්ඩායක් ඊයේ (30) සවස 4.30 ට පමණ හෙරොයින් ග‍්‍රෑම් 2 යි මිලි ග‍්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකාරියන් පොලිස් නිලධාරීන්ට අයුතු අවහිර කරමින් රාජකාරියට බාධා කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකාරියන් සැකකරුගේ ඥාතීන් බවද ඔවුන් අද (31) මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd