(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ලට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහරිනු ලබන ජාවාරම්කරුවෙක් හෙරොයින් මත්කුඩු සිය නිවසේ පැකට් කරමින් සිටියදි හෙරොයින් පැකට් 28ක් සමගින් මාගල්ල කටුගොඩ ගෙවල් 70දී අද (08) සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලීසිය කියයි. පොලිසිය පවසන්නේ මෙම පැකට් 28 තුළ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 200 ක් වූ බවයි.
33 හැවිරිදි සැකකරු මීට ප්‍රථමයෙන්ද හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනාවට අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක් බවද පොලිසිය කියයි.
අත් අඩංගුවටගත් සැකකරු සමගින් හෙරොයින් ප්‍රමාණය හෙට (09) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල වරාය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd