(ටෝනි කරුණානායක)
ව්‍යාජ එක්සත් රාජධානි වීසාවක් ඇතුළත් ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම සහ ව්‍යාජ එක්සත් රාජධානි වීසාවක් මඟින් විදේශගත වීමට තැත් කිරීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් 50000 බැඟින් චෝදනා දෙකට රුපියල් ලක්ෂයක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (31) නියම කළාය.
වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පසුපතිනාදන් සින්දුරන් නැමැත්තාට මෙසේ දඩ නියම විය.
දඩය නියම වූ විත්තිකරු සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කර තිබූ ව්‍යාජ ගමන් බලපත්‍රය විනාශ කිරීමට නියම කරන ලදී. විත්තිකරුට පනවා තිබී විදේශ ගමන් තහනම ඉවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd