පද්මා කුමාරී කංකානම්ගේ
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් ආනයනය කළ බීඩි කොළ කිලෝ 705 ක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් කල්පිටිය නාච්චිකල්ලියේ දී සැකකරුවන් පස් දෙනෙකු සමඟ අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 90ක පමණ වේ.
මෙම කොළ ගෝනි 35 ක බහා තිබී ඇති අතර, මෙරටේ ප්‍රධාන ජාවාරම්කරුවෙකුට බාරදීම සඳහාත් ප්‍රකට බීඩි නිෂ්පාදන ආයතනයකට අලෙවි කිරීම සඳහාත් මේවා ප්‍රවාහනය කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd