(දිලීප් ජයසේකර)
කොහොඹ කඳන් අටක් මෝලකට විකීණිමට රැගෙන යමින් සිටි සැකකරුවෙකු සෙවනගල ඇඹිලිපිටිය මාර්ගයේ මොරකැටිය හංදියේදී සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ සිට මොරකැටියේ පිහිටි ලී මෝලකට විකිණිමට කොහොඹ කඳන් රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු සෙවනගල හා ඒ අවට ඇති ගස් හොර රහසේ කපා ලී මෝල්වලට විකිණීමේ ජාවාරමක නිරත වන්නේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කීය.
සැකකරු සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම කර තිබේ.
සැකකරු සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
කොටන් පැටවූ කුඩා ලොරි රථය, කොටන් තොගය හා සැකකරු වැඩිදුර විමර්ෂණ සඳහා තණමල්විල අඩවි වන කාර්යාලයට බාරදී තිබේ.
සැකකරු ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හොරෙන් කොහොඹ කඳන් කැපූ අයෙක් අත්අඩංගුවට