IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හොර පත්වීම් ගැන සොයන්න’යි පුත්තලම අධ්‍යාපන කාර්යාලය කියයි

(ජුඩ් සමන්ත)

ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ජාතික පාසල් සඳහා පාසල් කාර්ය සහායක තනතුරු සඳහා කර ඇති පත්වීම් කීපයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දන්වා යවා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන සහකාර සැළසුම් අධ්‍යක්ෂකවරයකුගේ නිල මුද්‍රාව සහ අත්සන ද මෙම පත්වීම් ලිපි සඳහා යොදා තිබී ඇත.

පුත්තලම අධ්‍යාපන කලාපය තුළ පිහිටි ජාතික පාසල් සඳහා මෙම ව්‍යාජ පත්වීම් පසුගිය කාලය තුළ 6 ක් ලැබී ඇත. එසේ ව්‍යාජ පත්වීම් ලබා ඇති පාසල් කාර්ය සහායකයින් දෙදෙනෙකු පුත්තලම ආනන්ද ජාතික පාසල තුළ මාස 06 කාලයක් සේවය කර ඇති අතර,එම කාලයේදී ඔවුන් නියමිත පරිදි වැටුප්ද ලබා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සොයා බලන විට එම ලිපි ශීර්ෂ, නිල මුද්‍රව සහ යොදා තිබූ අත්සන ද ව්‍යාජ බවට සනාථ වී ඇත. ඒ සමගම එකී සේවකයින් දෙදෙනා  අතුරුදන්වී ඇත.
 
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කරන කිසියම් පත් වීමක් පාසලට ලැබුණහොත් ඔවුන්ව කලාප කාර්යාලය වෙත යොමු කරන ලෙස පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රදේශයේ ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ට දැණුම් දී ඇත.
ඉන් පසුවද මේ ආකාරයටම ව්‍යාජ ලිපි ශීර්ෂ යටතේ පත්වීම් ලබා ගත් බව කියන සිව් දෙනෙකු සේවය සදහා පුත්තලම කලාප කාර්යාලයට වාර්තා කර ඇත.
නමුත් ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අවසර ලබා දී  නොමැති කලාප කාර්යාලයේ නිලධාරීන් එම පත්වීම් ලිපි සහ ඒවා රැගෙන ආ පුද්ගලයින්ගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කර ඇත.
 
ගෙවී ගිය මාස 02 ක කාලය තුළ සිංහල මාධ්‍ය  ජාතික පාසල් සඳහා එක් අයෙකු සහ දමිල මාධ්‍ය පාසල් සඳහා තිදෙනෙකු පාසල් කාර්ය සහායක තනතුරු සඳහා වන ව්‍යාජ පත්වීම් ලිපි රැගෙන පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණ ඇති බව අප කළ විමසුමකදී එම කාර්යාලයේ නිලධාරීනියක පැවසුවාය.
 
කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මේ ආකාරයට ව්‍යාජ ලිපි ශීර්ෂ,නිල මුද්‍ර සහ අත්සන් යොදා ගනිමින් පත්වීම් ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇති බවට සැකකරන බැවින් ඒ සම්බන්ධයෙන් අදාල නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සදහා අවශ්‍ය තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද එම නිලධාරීනිය කියා සිටියාය.
 



අදහස් (0)

හොර පත්වීම් ගැන සොයන්න’යි පුත්තලම අධ්‍යාපන කාර්යාලය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11075 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site