IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හිමාල තරණයට ජයන්තිගෙන් සුබ පැතුම්

ක්‍රිකට් රගර් වැනි ක්‍රිඩාවන්ට රජයෙන් අනුග්‍රහය දක්වනවා සේම කඳු නැගිමේ ක්‍රිඩාව නැංවිම සඳහාද අත දිම අවශ්‍ය බව හිමාලය තරණය කළ  ලංකාවේ ප්‍රථම කාන්තාව වන ජයන්ති කුරුඋතුම්පාල මහත්මිය පැවසුවාය.

ඇය කාන්තා අයිතිවාසිකම් හා ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥවරියක් වන අතර ශ්‍රි ලංකාවේ නොයෙක් පළාත් වල පාසල් හා විශ්ව විද්‍යාලවල කඳු නැගීමේ ක්‍රිඩාව සම්බන්ධව සිසුන් දැනුවත් කිරිමේ කටයුතු වල යෙදි සිටින්නීය.

‘තමා හටද හිමාලය තරණය කිරිමට සැරසෙන විටදි නොයෙක් පිරිස් විසින් ගැහැණුන් කොහොමද කඳු නගින්නෙ පිස්සු වැඩ ආදී වශයෙන් නොයෙක් කතා කිවත් තමාගේ ආත්ම ශක්තිය ඇත්නම් කාන්තාවන්ටද කිරීමට නොහැකි දෙයක් නැතැයි ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වුවා‘ යැයි ඇය පැවැසුවාය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් කන්ඩායම හිමාල ගවේශනය සදහා ඉදිරිපත් වීම හා එහි කාන්තා නියෝජනයක් තිබීම ගැන ආඩම්බර බවත් එය කඳු නැගීමේ ක්‍රිඩාව කෙරෙහි උනන්දුවක් දක්වන තවත් කාන්තාවන්ට ආදර්ශයක් බවත් හිමාල ගවේෂණය සඳහා ඉදිරිපත් වි ඇති  පේරාදෙණි විශ්ව විද්‍යාලය කණ්ඩායමට තමාගේ උණුසුම් සුබ පැතුම් එක්කරන බවද ඇය පැවැසුවාය.

මේ අතර හිමාල ගවේෂණය සදහා දිවයිනෙන් පිටත් වු පේරාදෙණි විශ්ව විද්‍යාල කණ්ඩායම අද (26) නේපාලයේ ශ්‍රි ලංකා තානාපතිනි ස්වර්ණලතා පෙරේරා හට සමරු තිළිණයක් ද පිරිනැමිය.

1 2 14881688_860094744124702_1882117421_o



අදහස් (0)

හිමාල තරණයට ජයන්තිගෙන් සුබ පැතුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site