IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හම්බෙගමුව - කොළොන්න රෝහල්වල වැඩ අඩාලවීමෙන් රෝගීන් පීඩාවට

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
හම්බෙගමුව රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක් කොළොන්න රෝහලට ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පා රෝහල් දෙකේම සිටි වෛද්‍යවරු ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සහ මොනරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ රාජකාරී අත්සන් කිරීම හේතුවෙන් රෝහල් දෙකේම වැඩ අඩාලවීමෙන් තමන් දැඩි අසීරුවට පත්ව සිටිව බව රෝගීහු පවසති.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ස්ථාන මාරුව කරඇත්තේ ක‍්‍රමවේදයට පිටින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව එම සංගමයේ උපදෙස් අනුව සාමාජික වෛද්‍යවරු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලවල රාජකාරී අත්සන් කිරීමට ක‍්‍රියා කළහ.
 
කොළොන්න රෝහලට අද(07) අලුයම උදරයේ දැඩි වේදනාවකින්  පසුවු දරුවෙකුට ප‍්‍රතිකාර කිරීමට වෛද්‍යවරයෙකු නොමැතිකම හේතුවෙන් 1990 හදිසි ගිලන් රථ සේවයේ සහයෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ගෙනගිය බව ඥාතීහු පැවසුහ.
 
කොළොන්න ප‍්‍රාදේශීය රෝහලෙන් ප‍්‍රතිකාර ගැනීමට දිනකට 500කට වැඩි පිරිසක් පැමිණෙන බවද, කොලොන්න, වෙලේවත්ත, කෑලිගම, මඩුවන්වෙල, අඹගහයාය, කලූගල, බුලූතොට, ආදී දුෂ්කර ගම්වල ජනතාවට ඇති ආසන්නතම රෝහල කොළොන්න රෝහල වන බවද රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
 
එසේම හම්බෙගමුව, කලවැල්ගල, අරඹෙකෙම, අඟුණකොළපැලැස්ස, හම්බෙගමුව ජනපදය, දහයියාගල, කොටවෙහෙර මංකඩ, ලගිනගල, කහකුරුල්ලන්පැලැස්ස, මයිලවෙල, බලහරුව,  අලූත්වැව, රතඹලාගම, මහවැව ආදී ගම්වල ජනතාවට ප‍්‍රතිකාර සඳහා ආසන්නම රෝහල හමුබෙගමුව ප‍්‍රාදේශීය රෝහලයි. 

කොළොන්න ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයෙකු ඇතුලූ වෛද්‍යවරු පස්දෙනෙකු සේවයේ නියුතුව සිටියදී හම්බෙගමුව රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් ප‍්‍රධාන වෛද්‍යවරිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය 01දා සිට ක‍්‍රියාත්මක වන පරිදි පත්කර එවා තිබූ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
 
ඉන්පසු පසුගිය 03දා සිට කොළොන්න රෝහලේ සේවය කළ වෛද්‍යවරු පස්දෙනා සහ හම්බෙගමුව රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් අනුව රත්නපුර සහ මොණරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට රාජකාරී වාර්තා කළහ.
 
ඒ අනුව එදින පටන් හම්බෙගමුව රෝහලේ ප‍්‍රතිකාර සියල්ල ඇනහිට වාට්ටුවල ද රෝගීන් නොමැතිව සායන ප‍්‍රතිකාර ද නැවතී තිබේ. වෛද්‍යවරු ලබාදෙන්නැයි හම්බෙගමුව ප‍්‍රදේශවාසීහූ පසුගිය 04දා බළන්ගොඩ සිට හම්බෙගමුව හරහා තණමල්විල ප‍්‍රධාන මාර්ගය හම්බෙගමුවෙන් හරස් කර විරෝධතාවක් ද පැවැත්වූහ. එහෙත් අද (07) දහවල් වනතුරු හම්බෙගමුව රෝහලට වෛද්‍යවරු කිසිවෙකුත් රාජකාරී සඳහා පැමිණ නොසිටිහ. පසුව කොළොන්න රෝහලේ වෛද්‍යවරු ඇඹිලිපිටිය දිසා මහරෝහලේ රාජකාරියට වාර්තාකළහ.
 
සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ වෛද්‍යවරු ස්ථාන මාරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකරන බවයි. එබැවින් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ සම්බන්‍ධයෙන් ගතහැකි පියවරක් නොමැති බවයි.
 



අදහස් (1)

හම්බෙගමුව - කොළොන්න රෝහල්වල වැඩ අඩාලවීමෙන් රෝගීන් පීඩාවට

නාලික වනසිංහ Tuesday, 08 October 2019 05:18 PM

මෙම පුවත නිවැරදි විය යුතුයි. ඉහත සඳහන් පරිදි කිසිම නිත්‍යානුකුල නොවූ ස්ථානමාරුවක් සිදු වී නොමැත. එමෙන්ම ඉහත සඳහන් කල දරුවා ඇඹිලිපිටිය රෝහල වෙත යවනු ලැබුවේද මෙම වෛද්‍යවරියම වන්නේය 2019.10.03 දින සිට ඉහත සඳහන් වෛද්‍යවරිය නිල නිවසක් හෝ නොමැතිව පැය 24 පුරාවට තම රාජකාරිය කරමින් සිටි. ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමුකර සිටිමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site