සුමතිපාල දීයගහගේ
ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී ඇති හබරාදුව අගුලුගහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) හබරාදුව කොග්ගල පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝසණයක නිරත වෙති.
මෙම කම්හල නිසා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවත් මෙම ටයර් කම්හල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් වී ඇති නිසා එය වසා දමන ලෙසත් විරෝධතාකරුවෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ තහනම් අංක එකේ පිලිකා කාරකයක් වන ඇස්බැස්ටස් ගෙදර වහලට දමාගෙන, මීටර සිය ගනනක් දුරින් ඇති කර්මාන්තශාලාවක් වහලා වැඩක් තියෙනවද?