පිළිමතලාවේදී අද (25) අඩි 4 ක පමණ දිගින් යුත් හඳුන් දිවියෙකු වාහනයකට හැපිමෙන් මියගොස් සිටියදී ප්‍රදේශවාසිහු ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කළහ.
කඩුගන්නාව පොලිසිය මගින් මේ ගැන වනජීවී කාර්යාලයට දැනුම් දී ඇති අතර වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ දැඩි ආරක්ෂිත සත්ත්වයෙක් වන හඳුන් දිවියා ආහාර සොයා කැලැවෙන් බැහැරව ගම්මාන ආශ්‍රිතව ඇති නිවෙස් වල කුකුළන් පුසන් වැනි සතුන් ගොදුරුකර ගැනිම සඳහා පැමිණෙන විට අනතුරට ලක්විමේ ප්‍රවණතාවයක් ඇති බව වනජීවී නිලධරයෝ කියති.
යම් තැනකදි හඳුන් දිවියකු තුවාල ලබා සිටිනු දුටුවහොත් 0552257455
දුරකථන අංකයට දැනුම් දෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රන්දෙණිගල අඩවි ආරක්ෂක කාර්‍යාලයේ නිළධාරියකු පැවැසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අණ නොතකා ගියොත් ඔයටික වෙනවා. වාහන භාෂාව නොතේරෙනවානම් සද්දයට වත් නැවතියන්. (බ)