(උපාලි රණවීර)
හේනේගම කෑරගල ප්‍රදේශයේ නිවසක් පිටුපස දරමඩුවක් අසළ අද (4) සවස සිදුවූ බෝම්බ පිපිරීමකින් 34 හැවිරිදි හිටපු නාවික හමුදා භටයකු හා ඔහුගේ ඥාතී 11 හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා ගම්පහ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි කෑරගල පොලිසිය පවසයි.
තුවාලකරු පදිංචි කෑරගල අංක 8 දරණ නිවසෙහි දරමඩුවක් අලුත්වැඩියා කිරීමට වළක් හෑරීමේ දී යකඩ ඉන්න වැදීමෙන් එම පිපිරීම සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd