(දයාරත්න ඇඹෝගම)
පසුගිය වසරේ අ.පො.ස.(ස,පෙ.) විභාගයට පෙනිසිටිමෙන් පසු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් නිසා මිය ගිය ගලෙන්බිදුණුවැව යකල්ලේ පී. මුදිත සුරංග හේරත් (16) නම් සිසුවෙකු මෙරව විභාගයේ ප්‍රතිඵල අනුව “ඒ” සමර්ථ අටක් (08 ) ලබාගැනිමට සමත්ව තිබුණි.
මොහු අනුරාධපුර හුරුළුවැව වම් ඉවුර මහ විද්‍යාලයේ සිටි දක්ෂතම සිසුවා වූ අතර ඔහු පාසලේ ශිෂ්‍ය නායකයා ද විය. පාසල් ඉතිහාසයේ ඉහලම විභාග ප්‍රතිඵයක් ලබන බවට පාසලේ ගුරුවරු මහත් බලාපොරොත්තු තබා සිටියේය.
එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස ජනවාරි මාසයේ පස් වැන දින රාත්‍රියේ සුළු කෙදිරි ගෑමකින් පසු මවගේ උකුල මතම මියගියේය. රාත්‍රියේම නිවස ඉදිරිපිට ඇති යකල්ල රෝහලට ඔහු රැගෙන ගියද ඒ වනවිටත් ඔහු මරණයට පත් වී ඇති බව තහවුරු විය. මරණයට හේතුව මෙතක් අනාවරණය වී නොමැත.
ඔහුගේ මව ගුරුවරියක වූ අතර පියා විශ්‍රාමික රජයේ සේවකයෙකි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බලයා වුයේ මෙම දරුවය .කුඩාකල සිටම ඉගෙනීමට දක්ෂකම් දැක්වූ ඔහු පහ වසර ශිෂ්‍යත්ව විභගයෙන් සමත්වූ අතර වෙනත් පාසලකට ඇතුළු නොවී එම පාසලේම ඉගෙන ගනිමින් විවිධ තරගවලදී පාසලට මහත් කීර්තියක් ගෙන් දුන් සිසුවකු බව එම විදුහලේ ගුරුවරු පැවසිය.
මෙම දරුවාගේ තුන් මාසයේ පිංකම අප්‍රේල් මස පහ සහ හය දිනයන්හි ඔහුගේ නිවසේදි පැවැත් විමට නියමිතය.

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හදිසියේ මිය ගිය ගලෙන්බිඳුණුවැව සිසුවාට ‘ඒ‘ අටක්
rajun Friday, 30 March 2018 09:27 AM
මේක නම් හරිම දුක හිතෙන කතාවක්. මේ දරුවට නිවන් සැප ලැබේවා
Deepa - Seelaratna Galaenbindunuwewa Friday, 30 March 2018 09:52 AM
ඉතාමත් කණගාටු දායක මරණයක්