(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගිනිඅවි හා ත්‍රි රෝද රථ විකිණීමේ ජාවාරමක නිරත වූ හිටපු හමුදා සෙබළෙක් මෙරට හා විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ සමඟ අද (26) අගලවත්ත -සුදුවැලිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.

එම පුද්ගලයා සමඟ එංගලන්තයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක්, එම උණ්ඩ 6 ක් හා ටී 56 උණ්ඩ දැමිය හැකි, මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් හා  ටී 56 උණ්ඩ 30 ක් පොලිසිය බාරයට ගැණිනි.