IMG-LOGO

හිටපු පා. මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු ජස්ටින් ගලප්පත්ති මහතා අද(24) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
 
මිය යන විට 68 වැනි වියේ පසු වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
 
මුල්කාලීනව මාතර ප්‍රසිද්ධ රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු වූ ගලප්පත්ති මහතා හිටපු රාජ්‍ය අමාත්‍ය පී.එස්.එල්.ගලප්පත්ති මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.
 
1988 වසරේ දී පළමු වරට දකුණු පළාත් සභාවට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ඒ මහතා එතැන් සිට 2014වසර වන තෙක් එහි මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා විපක්ෂ නායකවරයෙකු ලෙස කටයුතු කර ඇත.
 
ඒ අතරතුරදී 2001-2003 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ දී ඒ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ද අවස්ථාව හිමි විය.2014වසරේ දී මැතිවරණයට තරග නොකළ ඒ මහතා මිය යන තෙක්ම වසර 30කට වැඩි කාලයක් දේශපාලනයේ නිරත විය.
 
ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (26) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.



අදහස් (2)

හිටපු පා. මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි

සරත් ජයසුරිය Tuesday, 24 December 2019 11:10 PM

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකි. විශිෂ්ඨ රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකි. ඔහුට නිවන් සුව පතමු...

:       0       0

jayath Wednesday, 25 December 2019 01:21 AM

මොනවා උනත් හොඳ ගුරුවරයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 285 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 149 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1794 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site