IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හැටන් - දික්ඔය කසළ කාසල්රි ජලාශයට බැහැරකරලා

(රංජිත් රාජපක්ෂ)
 
හැටන් දික්ඔය නගර සභා සීමාවේ දිනපතා එකතු වන කසළ ටොන් ගණනින් නගර සභා සේවකයින් කාසල්රී ජලාශයට මුදා හරින බවද එම ස්ථානවලින් දැඩි දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් තමන් අසීරුතාවයට පත්ව සිටින බවද ප්‍රදේශවාසීහු පවසති.
 
හැටන් දික්ඔය නගර සීමාවේ එකතු වන කසළ දිනපතා එක්රැස් කර හැටන් නගර මධ්‍යයේ ස්ථාන කිහිපයකම ගොඩ ගසා, පසුව නගර සභා සේවකයින් කසළ බැහැර කරන රථවලින් ගෙන ගොස් කාසල්රි ජලාශයට ජලය ගලා බස්නා දික්ඔය ඇළ මාර්ගයට සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට මුදා හරින බව ප්‍රදේශවාසීහු කියති.
 
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේ සහ දික්ඔය සිංහල විදුහල ඉදිරිපිට මෙසේ කසළ බැහැර කර තිබේ. එම ස්ථානවල කසළ බැහැර නොකරන්නැයි දැන්වීම් පුවරු ද සවිකර ඇතත් අලුයම් කාලයේ නගර සභාවේ රථ වාහනවල පටවා කසළ ඉතා සුක්ෂමව බැහැර කරන බව ඔවුහු කියති. ඔවුන් කසළ බැහැර කරන ආකාරය එක්තරා රථයක තිබූ කැමරාවකද සටහන්ව ඇත.
 
මෙම ගැටළුව සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්.සරවනභවන් මහතාගෙන් විමසීමේදී ඔහු කියාසිටියේ නගර සභාව එවැනි පරිසර විනාශයක් නොකරන බවයි. කසළ බැහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙන්වීමෙන් අනතුරුව එම නිලධාරීන්ට සහ සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලේකම්වරයා පැවසීය.

 



අදහස් (0)

හැටන් - දික්ඔය කසළ කාසල්රි ජලාශයට බැහැරකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site