IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හැටන් කොංග්‍රස් ප්‍රසාද මන්ත්‍රී ධුරයට විරෝධයක්

(සුදත් එච්. එම්. හේවා සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 

පසුගිය පලාත් පාලන මැතිවරණයේදි හැටන් දික්ඔය නගර සභාව සදහා ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ලැබුණු  ප්‍රසාද මන්ත්‍රීධුරයට  නම් කළ  මෝහන්  සුබ්‍රමණියම් මහතා දිවුරුම් දිමේ උත්සවයේදී  තවත් මන්ත්‍රීන් පිරිසක් ඊට දැක්වු විරෝධතාව හේතුවෙන්  ඇති වු නොසන්සුන්තාවය  මත එම දිවුරුම් දිම වෙනත් ස්ථානයක කිරීමට සිදු විය.

තමන් ඡන්දය ඉල්ලා ලබාගත් ඡන්ද මත ලැබෙන ප්‍රසාද මන්ත්‍රීධුරය  නිකම්ම සිටි පුද්ගලයකුට ලබා දිම දැඩි අසාධාරණයක්  බව විරෝධය දැක්වු මන්ත්‍රීවරු පැවසුහ. එමෙන්ම මෙම  පක්ෂයෙන් පසුගිය නගර සභා මැතිවරණයට ඉදිරිපත්විම පිළිබද ලැජ්ජාවට ලැජ්ජාවට කරුණක් බැවින්  තම සෙරප්පුවෙන් තමන්ටම ගසා ගතයුතු බවත් එක් අපේක්ෂයකු පැවසුයේය.

හැටන් දික්ඔය නගර සභාව සදහා  ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද තරඟ  කළ  අතර එම පක්ෂයට ලැබුන ඡන්ද ප්‍රමාණය මත එක් ප්‍රසාද මන්ත්‍රී ධුරයක්  හිමි විය.

 ඒ අනුව එම මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂය මගින් අතිරේක ලැයිස්තුවේ නම් කර සිටි මෝහන් සුබ්‍රමණියම් මහතා නම් කර තිබු අතර ඒ මහතා දිවුරුම් දිම  ඊයේ (24) හැටන් ක්‍රිෂ්ණ භවාන් ශාලාවේදි සිදු කිරිමට පියවර ගෙන තිබුණි.

එම ස්ථානයේ දිවුරුම් දිමට සුදානම් වන අවස්ථාවේදි එකි පක්ෂයෙන් හැටන් දික්ඔය නගර සභාවට තරඟ කළ  කිපදෙනකු පැමිණ මෝහන් සුබ්‍රමණියම් මහතාගේ පත් විමට විරෝධය දැක්වීම නිසා මෙමඋණුසුම් තත්ත්වය ඇති වු අතර මේ හේතුවෙන් එම  ස්ථානයේ දිවුරුම් නොදුන් මෝහන් සුබ්‍රමණියම් මහතා පසුව ඔහුගේ නිවසට ගොස් නිතිඥ  කනපතිපිල්ලේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



අදහස් (0)

හැටන් කොංග්‍රස් ප්‍රසාද මන්ත්‍රී ධුරයට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 751 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site