හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින වටවල මවුන්ජින් ප‍්‍රදේශයේ හැටන් ඔය අබියස විශාල පරිසර හානියක් කරමින් මැණීක් ජාවරම්කරුවන් පිරිසක් රාති‍්‍රකාලයේ කරන අනවසර මැණික් ගැරිම පිළිබදව සොයා බැලිමට කඳුරට නව ගම්මාන වතුයටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගමිබරම් මහතා ඊයේ (29) පස්වරුවේ මැණීක් ගරන භූමියේ නීරික්‍ෂණ චාරිකාවක නිරත වුණා.
මවුන්ජින් වතුයායේ වතුකම්කරුවන්ගේ ඉල්ලිමක් මතයි අමාත්‍යවරයා එම අනවසර මැණීක් ගරන ස්ථානයට පැමිණියේ.අමාත්‍යවරයා චෝදනා කරන්නේ වටවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ උසස් පොලිස් නිලධාරින් රැසකගේ සහයෝගයෙන් මෙම අනවසර මැණීක් ගැරිම කරන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාටද පැමිණීලි කළ බවත් වහාම වටවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා මාරුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
තවද මැණීක් ගැරිම නීත්‍යානූකූලව කරන ලෙසටද අමාත්‍ය පලනි දිගමිබරම් මහතා ඉල්ලා සිටියි. අමාත්‍යවරයා නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් වටවල පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂ එච්.එස්.ඒ ෆොන්සේකා මහතාගෙන් අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ අමාත්‍යවරයා නගන චෝදනා පදනම් විරහිත චෝදනාවක් බවයි. තමන් පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර ගණනාවක් රාජකාරි කර රත්නපුර පොලිසියේ රාජකාරි කරන විට වටවල පොලිසියට මාරුවක් ලබා මීට මාස දෙකකට ප‍්‍රථම තමන් පැමිණි බවයි.
තමන් මෙම මවුන්ජින් ප‍්‍රදේශයේ අනවසර මැණීක් ගැරිම් නතර කිරිමට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදවා තිබිම හේතුවෙන් කිසියම් මැණීක් ජාවාරම්කරුවන් පිරිසක් අමාත්‍යවරයාගේ සහයෝගය මත තමාව ස්ථාන මාරු කිරිමට සිටින බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
එම ජාවාරම්කරුවන් තමන් වෙත පැමිණ දේශපාලඥයන්ගේ ආධාරකරුවන් බව පවසමින් රාති‍්‍ර කාලයේ මැණීක් ගැරිමට අවස්ථාව ලබා දෙන ලෙස තමන්ගෙන් අවස්ථා කිහිපයකදි ඉල්ලා සිටි බවත් එයට ඉඩ නොදීම නිසා එම මැණීක් ජාවාරම්කරුවන් අමාත්‍යවරයාගේද සහයෝගය ලබා ගනිමින් තමන්ට විරුද්ධව කටයුතු කරන බවයි. ප්‍රදේශවාසින් පවසන්නේ එම ප‍්‍රදේශයේ කරන මැණීක් ගැරිම හේතුවෙන් නායයෑමේ අවදානමක්ද පවතින බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හැටන් ඔය ළඟ හොර මැණික් පතල්