(ක.ග. කරුණාරත්න)
හිඟුරක්ගොඩ සිට හතමුණ හරහා පොලොන්නරුව මාර්ගයේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයට ආසන්නයේ දී අද (28) පාසල් සිසු සිසුවියන් රැගත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම වු අනතුරකින් ළමුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල බව හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
තුවාලකරුවන් සියලූම දෙනා පොලොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල් වලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පවසති.
හිඟුරක්ගොඩ නගරයට ආසන්නව පිහිටි ප‍්‍රධාන පෙලේ පාසලක 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ පා ගමනකට සහභාගී වීම සඳහා මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැබ් රථයකින් පැමිණෙමින් සිටියදී මේ අනතුර සිදුව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිඟුරක්ගොඩ කැබ් අනතුරකින් සිසුන් 12 ක් රෝහලේ