(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
මුහුණු පොතෙන් හදුනාගත් මිතුරු මිතුරියන් පිරිසක් විසින් හික්කඩුව ප්‍ර දේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය සාදයක් වටලා මත්ද්‍රව්‍ය ළගතබාගෙන සිටි තරුණයින් 07 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු මිටියාගොඩ පොලිසිය මගින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය අතර තරුණයින් 16 දෙනෙකු හා තරුණියන් තිදෙනෙකු සිටින බවද මිටියාගොඩ පොලිසිය කියයි.
අනන්‍යතාවය ඔප්පු කිරිමට අසමත් වු පුද්ගලයින් 12 දෙනෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුරය, නොච්චියාගම, තඹුත්තේගම, කොළඹ ආදි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි 150කට අධික පරිසක් මෙම සාදයට සහභාගි වි ඇත.
මෙම සාදය සංවිධානය කළ පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා තමයි දැන් අපේ තරුණ තරුණියෝ මුහුණු පොතෙන් කරන්නේ. මේ වැඩකට නැති, සමාජයට වින කරන මුහුණු පොත ලංකාවේ තහනම් කල යුතුයි.