IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හික්කඩුව නගරසභා මන්ත්‍රීවරයෙකුට පහරදුන්නැයි විරෝධයක්


(ඥාණදාස රන්මුතු)
 
හික්කඩුව නගරසභාවේ, රත්ගම ප්‍රාදේශීය සභාවේ ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක්  ඉදිරිපිටදී විරෝධතා පුවරු අතැතිව අද(14) පෙරවරුවේ හෙන්නතොටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
 
හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියසම් මහතා ඇතුළු සේවක පිරිසක් පැමිණ හික්කඩුව නගර සභාවේ විපක්ෂ නායක මන්ත්‍රී ධම්මික ලාල්  මහතාගේ නිවසේ වැටක් බැකෝ යන්ත්‍රයක් යොදවා බලහත්කාරයෙන් කඩා දමා, මන්ත්‍රීවරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට අදාළව ඔවුහු විරෝධය දැක්වූහ.
 
මෙම අවස්ථාවට සමගි බල වේගයේ රත්ගම සංවිධායක ආර්.පුෂ්පකුමාර, බද්දේගම  සංවිධායක බන්දුල ලාල් බන්ඩාරිගොඩ, කරන්දෙනිය සංවිධායක ජයන්ත ජයවීර, හික්කඩුව නගර සභාවේ මන්ත්‍රී සුගත් ලොකුගේ, රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන දුලාජ් තරංග, ඩී.එම්.පරාක්‍රම යන මහත්වරු  සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහ ආධාරකරුවෝ පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (0)

හික්කඩුව නගරසභා මන්ත්‍රීවරයෙකුට පහරදුන්නැයි විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1730 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site