(කාංචන කුමාර ආරියදාස)
සෆාරි සඳහා යොදවා සිටි හීලෑ අලියකු අද (17) හිටිහැටියේ මියගොස් ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
සිගිරිය ප්‍රදේශයේ අලි සෆාරි සංචාර තුනක් අද දිනයේ මෙම අලියා විසින් සිදුකර තිබෙන බවත් හතරවෙනි සංචාරකයන් පිරිස පිට මත තබා ගමන් ආරම්භ කර මද දුරක් යනවිට එකවර අලියා ගමන නවතා තිබෙන බවත් අලියාට යම්කිසි රෝගයක් හටගෙන ඇති බව වටහා ගත් ඇත්ගොව්වා නැවතත් සංචාරකයන් අලියා පිටින් බස්සවා මද වේලාවකට පසු අලියා මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් කියති.
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලෙබැද්ද රත්නපුර ප්‍රදේශයේ හිමිකරුවෙකුට අයත් වාසනා නමැති වයස අවුරුදු දහ අටක් පමණ වන පිරිමි අලියෙකු බව සීගිරිය වනජීවී නිලධාරීන් පවසති.
මෙම සිද්ධිය වූ ස්ථානයට පැමිණි සීගිරිය අඩවි වනසත්ව අඩවි ආරක්ෂක චන්ද්‍රා බණ්ඩාරනායක මහතා කියාසිටියේ හීලෑ අලින් පිළිබඳව නිරන්තරයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළයුතු බවත් පසුගිය කාල සීමාව තුළ මෙම අලියා මෙම සෆාරි භූමියේ නොසිටි බවත් අලියා නැවත සෆාරි ස්ථානයට රැගෙන ආ බව තමාව දැනුවත් නොකළ බවත් සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෆාරි සඳහා යොදවා සිටි හිලෑ අලියෙකු හදිසියේ මියයයි
රජින්ද Thursday, 17 October 2019 05:53 PM
සීගිරියේ අලි සෆාරි විදේශිකයින් හදුන්වන්නේ සත්ව හිංසාවක් කියායි. එවැනි දේකට මේ අහිංසක සතුන්ව පාවිච්චි නොකර උන්ට උන්ගේ පාඩුවේ සොබාදහම තුල හැසිරෙන්න දෙන්න. කොයි දේකත් සීමක් තියෙනවා. මේ සත්තු ඉන්නේ අපිව පිනවන්න නෙවෙයි කියන මතයෙයි බොහෝ සංචාරකයෝ ඉන්නේ. පොඩ්ඩක් ඔවුන්ගේ වීඩියෝ වල ඔවුන් මේ රට ගැන දක්වලා තියෙන අදහසුත් කියවන්න. විකාර වැඩ වලට සත්තු යොදා නොගෙන.
maheshika Thursday, 17 October 2019 07:07 PM
මනු සතා තරම් තව සතෙකුගේ වේදනාව නොදත් සතෙක් මේ මිහිපිට නැතුව ඇති.