IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සුළුපන්න - කුඩු දැල් ධීවර විරෝධයකින් මූන්දලම උණුසුම් වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මූන්දලම කලපුවේ ධීවර කටයුතුවල නිරතවන කුඩුදැල් ධීවරයන් සහ සුළුපන්න ධීවරයන් අතර වූ විරෝධය දැක්වීමක් හේතුවෙන් අද(20) උණුසුම් තත්වයක් ඇති විය.
 
මුන්දලම කලපුව වනසමින් කලපුවේ පුලිච්චාකුලම හා උඩප්පුව, කට්ටකඩුව, කිරියන්කල්ලිය, වටවාන, පුනපිටිය යන සීමාවල කුඩු දැල් ධීවරයන් දැල් 200 ක් පමණ දමා කලපුව වනසමින් ඇති බව සුළු පන්න ධීවරයෝ පැවසූහ.
 
කුඩු දැල් මුන්දලම කලපුවේ දැමීම සම්පූර්ණයෙන් තහනම් කර තිබියදි මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවෙමින් පවතින බවද ඔවුහු කීහ.

මෙම විනාශය මාධ්‍යයට පෙන්වීම සඳහා සුළු පන්න ධීවරයින් යාත්‍රාවකින් අදාළ ප්‍රදේශවලට ගමන් කරමින් සිටියදී කුඩු දැල් ධීවරයෝ ඔරුවලින් පැමිණ යාත්‍රාව වටකරමින් විරෝධය මතුකරන්නට වූහ.
 
කුඩු දැල් ධීවරයින් පවසා සිටියේ මෙම රැකියා කරගෙන යාමට ධීවර නිලධාරින්ට තමන් මාසිකව විශාල මුදලක් ලබාදෙන බවයි.
 
ධීවර යාත්‍රාවකින් පිරිසක් කුඩු දැල් පිළිබඳව සොයා බලන්නට පැමිණෙන බව කලින් දැන ගත් කුඩු දැල්කරුවන් දැල් ගලවා කලපුවේ එගොඩට රැගෙන ගොස් දමා තිබෙන අයුරුද දැක ගත හැකිවිය.
 
මේ පිළිබඳව අදහස් දැක්වු මුන්දලම ශාන්ත ජේමිස් ධීවර සමිතියේ ලේකම් එස්. ඩී. චාමර මහතා  පවසා සිටියේ මෙවැන්නකි.
 
“මේ කුඩු දැල්කරුවන් නිසා මුළු කලපුවම විනාශ වෙනවා. මොකද කුඩු දැල ඇතුළට යන කුඩා මත්සයින් සියල්ලම මැරිලා. මැරුණු මසුන්ව කලපු තිරයට ගිහින් දාන එකයි මේ කුඩු දැල්කරුවන් කරන්නේ. මෙය මුන්දලම කලපුවේ මත්ස්‍ය අස්වැන්න අහිමිවෙන්න බරපතල ම ගැටළුවක් බවට පත්වෙලා” යැයිද කීය.
 
පුත්තලම ධීවර සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක  මහතාගෙන් කළ විමසීමේදි පවසා සිටියේ මෙවැන්නකි.
 
 “මේ කුඩු දැල් එළීම මුන්දලම කලපුවේ සම්පුර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී තමා මේ කටයුතු වෙන්නේ. අපි අවස්ථා ගණනාවකදී වැටලිම් කළා. නමුත් දිගටම එය කරගෙන යන බවට තොරතුරු තිබෙනවා. ඉතාමත් ඉක්මණට කුඩු දැල්කරුවන් කලපුවෙන් ඉවත් කරන්න කටයුතු කරනවා” යැයි ඔහු පැවසිය.
 



අදහස් (0)

සුළුපන්න - කුඩු දැල් ධීවර විරෝධයකින් මූන්දලම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site