(නිලූක සඳුන් බණ්ඩාරනායක)
ගංවතුරින් දැඩි ලෙස හානි වූ රත්නපුර කලවාන මැදතුරගල සිංහලගොඩ විද්‍යාලයයට ගිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු සහ ආදි සිසුහු පිරිසක් එම විද්‍යාලය පිළිසකර කිරීම ආරම්භ කළහ.
එම විද්‍යාලයයේ ආදි සිසු එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන 'ඉස්කෝලෙකින් ඉස්කෝලෙකට ඉස්කෝලයක්' මැයෙන් නම් කර තිබිණි. සිංහලගොඩ විද්‍යාලයේ පංති කාමර තුළ ගංවතුරට එක්වු කසළ ඉවත් කිරීම,ඩෙස් පුටු අලුත්වැඩියාව සහ පංති කාමර අලුත්වැඩියාව ආදිය සිදු කරනු ලැබීය.
පාසල පිරිසිදු කර අලුත් වැඩියා කිරීමෙන් පසු එම විද්‍යාලයයේ සිසු සිසුවියන්ට පොත් පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමට නියමිතය.
ගංවතුර නිසා එම විද්‍යාලයට දැඩි අලාබ හානි සිදුවී තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය විදියෙ ආදි සිසුන් තමයි ඉස්කෝලෙකට ඉන්න ඕන.
අනෙක් පාසල් වලටත් ආදර්ශයක් වෙමින් මේ ඉටු කරනා සමාජ සත්කාරයට බණ්ඩාරණායකේ ආදී සිසුවෙක් ලෙස ආඩම්බර වෙමි ....