IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිසුවියන්ට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ්

(කේ. බුද්ධික කුමාරසිරි)
 
හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකදී සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද (12) අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරයා සැප්තැම්බර් 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත‍්‍රාත් පි‍්‍රයංකා මද්දුමපටබැදි මෙනෙවිය නියෝග කළාය.
 
සැකකාර ගුරුවරයා මාලබේ ප‍්‍රදේශයේ පදිංචි නඳුන් වැලිකන්න නමැති පුද්ගලයෙකි.
 
උපකාරක පංති ගුරුවරයා පංති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සිදුකරන අතරතුර සිසුවියන්ට අතවර කළ බවට සිසුවියන් තිදෙනෙකු කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිලි කර තිබිණි.
 
ඒ අනුව මීගොඩ පොලිසිය සැකකාර ගුරුවරයා ඊයේ(11) සැකපිට අත්අඩංගුවට ගෙන අද(12) හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
 
මීගොඩ පොලිස් ස්ථානය වෙනුවෙන් පොලිස් කොස්තාපල් සුසන්ත මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (0)

සිසුවියන්ට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site