(පාලිත ආරියවංශ)
බාල වයස්කාර පාසැල් ශිෂ්‍යයකු අපයෝජනය කළේ යැයි සැකපිට බදුල්ල මහාධිකරණයේ සේවකයෙකු අද (20) අත්අඩංගුව ට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
සැකකරු 42 හැවිරිදි අයෙකි.
බදුල්ලේ පාසැලක 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි ශිෂ්‍යයකු මෙලෙස අතවරයට පත්ව ඇති අතර ඔහු වෛද්‍ය පරීක්ෂණය සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරුගේ නිවස එම දරුවාගේ නිවස ආසන්නයේ ම පිහිටා ඇති බවත්, දරුවා සැකකරුගේ නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී අපරාධය කර ඇති බව අනාවරණය වූ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අද (20) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතය.
COMMENTS