බස්නාහිර පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා ප්‍රසංගය කොළඹ බිශොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අද (14) පැවැත්විණ. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙය ‘සසඳ සඳවත සේ ’ ලෙස නම් කර තිබිණි.

ප්‍රසංගයට දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත හා  ඔටිසම් යන රෝගයෙන් පෙලෙන දරුවන විශාල පිරිසක් නර්ථනයෙන් ගායනයෙන් මෙන්ම වාදනයෙන් ද දායක විය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, විදේශ තානාපතිවරු මෙන්ම පාසල් දරු දැරියන්ද කලා ප්‍රසංගය නැරඹීමට පැමිණියහ 

RDS_3867 RDS_3873 RDS_3880 RDS_3883 RDS_3901 RDS_3904 RDS_3911 RDS_3916