IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිවිල් ආරක්ෂක බළකායේ 37,500 කට ස්ථීර පත්වීම්


 
රොමේෂ් මධුෂංඛ
 
සිවිල් ආරක්ෂක බළකායට අයත් රට පුරා සේවයේ නිරත සෙබළුන්ගේන් ස්ථීර නොවී සිටි 37,500 කට අධික පිරිසකට ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇති බව සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් නිර්මාල් කොස්වත්ත මහතා පැවසීය.


අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව කියා සිටියේ ඊයේ (29) වවුනියාව ඊරට්පෙරියකුලම් සිවිල් ආරක්ෂක බළකා ශ්‍රවනාගාරයේ දී වවුනියාවේ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 100 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.


එහිදී අදහස් දැක්වූ මේජර් ජෙනරල් නිර්මාල් කොස්වත්ත මහතා කියා සිටියේ ,


‘2015 අප්‍රේල් මස 23 වැනි දා බළකාය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමෙන් පසුව ඔවුන් ස්ථීර පත්වීමක් සහිත විශ්‍රාම වැටුපක් ලබන පිරිස් වශයෙන් සිවිල් ආරක්ෂක බළකාය හැඳින්වීමට පුළුවන් මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රට පුරා සිටින සෙබළුන් 37,000 කට අධික පිරිසකට ස්ථීර පත්වීම් ලබා දීමට ජනතාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර අරන් තිබෙන අතරම එහි මූලික පියවර වශයෙන් සෑම දිස්ත්‍රීක්කයකම සෙබළුන් 100 දෙනෙකුට පළමුව ස්ථීර පත්වීම් ලබා දෙන අතරම පසුව සෙසු පිරිස් වෙතටද ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. යනුවෙනි.


උත්සව අවස්ථාවට වව්නියාව සිවිල් ආරක්ෂක බළකා මූලස්ථාන කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බී.ඩී.එම්.ජී. චන්ද්‍රසිරි මහතා ඇතුළු වවුනියාවේ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 1260 ක් පමණ සහභාගී වූහ.



අදහස් (0)

සිවිල් ආරක්ෂක බළකායේ 37,500 කට ස්ථීර පත්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site