(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකු බවත්, ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුව සිට ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පාර්සල් හතරකට සකස් කළ රුපියල් 6,635,610 ක් වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 206 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය ඔහු ඇඳ සිටි ඇඳුම් අතර සඟවා ගෙන සිටි බව රේගුව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd