බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දහම් පාසල් ගුරුවරියන්ට දුන් සාරි 40,000ක්, සීමාසහිත ලංකා සලුසල ආයතනය මගින් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
මෙම සාරි තොගය ලබාගැනීමේ දී ලංකා සළුසල ආයතනය විසින් නිසි ප‍්‍රසම්පාදන කටයුතු සිදුකර නොමැති බවත්, එම හේතුවෙන් සළුසල ආයතනය මූල්‍යමය පාඩුවක් සිදුවී ඇති බවත් සදහන් කරමින් ලංකා සළුසල ආයතනයේ සභාපති කණ්ඩලම කංකානම්ලාගේ චන්ද්‍රසිරි මහතා විසින් ඉකුත් ජුනි මස 28 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd