(ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රී ලංකා මුහුදු සිමාව උල්ලංඝණය කරමින් මසුන් මරමින් සිටියදි නාවික හමුදා අත් අඩංගුවට පත්වු ඉන්දියන් ධිවරයින් 8 දෙනා සැප්තැම්බර් 3 දක්වා බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා අද (22) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුයේ ඉන්දියාවේ තුත්තුකුඩි වරායේ සිට මසුන් මැරිම සදහා පැමිණ සිටි ඉන්දියන් ජාතික අන්තෝනි රාජ් නසරන්, විල්ෆ්‍රි විමලන්, රෝබිස්ටන් , පියාස් රමේස් , යසිකි මුත්තු , චාන්සන් අරෝග්‍යාරාජ්, සන්දන කුමාර් මුනිස්සාමි, විජය බාලන් නැමති වයස අවුරුදු 18 , 30 , 35 සහ 55 සිමාවන් වල පසුවන ධිවරයින් පිරිසකි.
මෙම ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු සිමාවට අයත් සිලාවතුර අරිප්පු සිමාව තුළ මසුන් මරමින් සිටියදි නාවික හමුදාවේ නන්දිමිත්‍ර නෞකාව මගින් (21 ) දහවල් අත් අඩංගුවට ගෙන කල්පිටිය විජය නාවුක කදවුරට භාර දි තිබුණි.
පසුව අදාල සැකකාර ධිවරයින් අට දෙනා නාවික හමුදාව විසින් පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යාල නිළධාරින්ට භාර දි තිබු අතර ධිවර නිළධාරින් විසින් අදාල ධිවරයින් කල්පිටිය පොලිසියට භාර දිම 22 දින රාත්‍රියේ සිදුවු අතර පොලිසිය හා ධිවර නිළධාරින් එක්ව (22) පුත්තලම දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබුණි.
පසුව දිසා විනිසුරු වරයා අදාල ධිවරයින් සැප්තැම්බර් 3 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග නිකුත් කර තිබුණි.
මෙම ධිවරයින් සමඟ අත් අඩංගුවට ගත් ධිවර යාත්‍රාව නාවික හමුදාව භාරයේ ඇති අතර මොවුන් සන්තකයේ තිබු ජි.පි.එස් . උපකරන දැල් ආම්පන්න ද ධිවර නිළධාරින්ට භාර දි තිබුණි.
එසේම මෙම ධිවරයින් අල්ලාගෙන තිබු කිලෝ 300 කට ආසන්න මසුන් තොගය ධිවර සංස්ථාවට භාර දිමටද කටයුතු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිලාවතුර අරිප්පු මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ජාතිකයින් 8 දෙනකු රිමාන්ඩ්