(දිලීප් ජයසේකර)
සුරියවැව පොලිස් බල ප්‍රදේශයේ පසුගිය දෙදින සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදි අධිකරණය මග හරිමින් සිටි වරෙන්තු කරුවන් 5ක් සමග විවිධ වැරදි සම්බන්ධයෙන් වු සැකකරුවන් 31 දෙනකු අත්අඩංගුවට ගත් බව සුරියවැව පොලිසිය පවසයි.
සුරියවැව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් 23 දෙනකුගෙන් යුත් පිරිසක් මෙම මෙහෙයුමට එක්වූහ.
මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි වරෙන්තු කරුවන් 05ක්, ගංජා මිලි ග්‍රෑම් 2000 බැගින් ලග තබා ගෙන සිටි සැකකරුවන් 04ක්, බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයන් 11ක් ආදී වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd