වෙසක් පොහෝදින සධාතුක කරඬුව හා සමන් දේව ප‍්‍රතිමාව ගල්පොත්තාවෙල රජමහා විහාරයේ මහා දේවමන්දිරයට වැඩම කරවා පුද සත්කාර සහිතව එහි තැන්පත් කිරීමෙන් පසුව මෙවර ශී‍්‍ර පාද වන්දනා වාරය නිමාවට පත්වන බව ශ‍්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්ම දින්න නාහිමියෝ ප‍්‍රකාශ කළහ.
රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පැවැති ශ‍්‍රී පාදස්ථානයේ සිට සධාතුක කරඬුව හා සමන් දේව ප‍්‍රතිමාව වැඩමකරවීමේ පෙරහර සංවිධානය පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී ඒ හිමියෝ මේ බව කීහ.
මැයි 22 වෙසක් දින ශ‍්‍රීපාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප‍්‍රතිමාව හැටන් නල්ලතන්නියේ බෞද්ධ මන්දිරය වෙත වැඩම කරවනු ලබන අතර එදින පස්වරුවේදී මහාසංඝරත්නය සෙත් පිරිත් සජ්ජායානය සිදුකරපසුදා සංඝගත දක්‍ෂිණාවෙන් පසු රථ පෙරහරින් සධාතුක කරඩුව සහ සමන් දේව ප‍්‍රතිමාව වැඩමකරවා පැල්මඩුලූ රජමහා විහාරස්ථානයේ දේව මන්දිරයේ තැන්පත් කිරීමට නියමිතය. එදින පස්වරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ‍්‍රීපාද රජමහා විහාරයේ මහා දේව මන්දිරය වෙත වැඩම කරවා පුද සත්කාර චාරිත‍්‍ර ඉටුකර එහි තැන්පත් කිරීමෙන් පසු ශ‍්‍රිපාද වන්දනා වාරය නිමාවට පත් වෙයි.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරිපා වන්දනා සමය නිමා කරමින් පිංකම් රැසක්