IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සොරණාතොට ආපදාවට ලක් වූ පවුල් 23කට ඉඩම්

(නිශාන්ත කුමාර)
 
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංගොඩ ග්‍රාමසේවා වසමේ නාගොල්ල ගම්මානයට ඇතිවූ නාය යාමේ අවදානමක්  හේතුවෙන් ඉවත්කල නාගොල්ල ගම්මානයේ පවුල් 23 ක් සඳහා  ඉඩම් ලබාදීමේ කටයුතු  මේ වන විට ආරම්භ කර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගනි වනසිංහ මහත්මිය පැවැසුවාය.
 
ඔවුන්ට වියළි සලාක ලබාදීමට පියවර ගෙන  ඇතැයිද   ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.
 
කෙසේ වෙතත් නාය යාමේ අවදානම මතුවීමත් සමගම ඉවත්කරන ලද ඇතැම් පවුල්වල පිරිස් එම අවදානම නොතකමින් යළි තම නිවෙස් වෙත ඒමට පටන්ගෙන ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් පැවැසුවාය.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගනි වනසිංහ මහත්මිය මෙසේද කීය.
 
“ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඉකුත් 16 වෙනිදා උදෑසන සොරණාතොට නාගොල්ල ගම්මානේ කඳුවැටියට ඉහළින් පිහිටි විශාල  ගල්කුලක් කඩා වැටී නිවසකට බරපතළ හානි සිදුවුණා. ජීවිත හානි කිසිවක් සිදුවුණේ නෑ .
 

කෙසේ වෙතත් එම ස්ථානය පරීක්ෂා කළ ආපදා කළමනාකරණ නිලධාරීන් වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ නිලධාරීන් එම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් තිබෙන බව ප්‍රකාශ කළා. ඒ අනුව අපි එම ගම්මානයේ පදිංචි පවුල් 23ක් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන්ගේ ඥාති හා හිතවතුන්ගේ  නිවාසවල නතර කිරීමට පියවර ගනු ලැබුවා.ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමටත් කටයුතු කළා.
ඔවුන්ට ඉඩම් ලබාදීමේ කටයුතු ආරම්භ කළත් අපි ලබාදෙන ඉඩම් වලට ඇතමුන් අකමැති වීම නිසා වෙනත් ඉඩම් සෙවීම්ට අපට සිදුවුණා. ගලක් පෙරළීම නිසා හානියට පත් නිවෙස් හිමියා වෙත මේ වනවිටත් ඉඩමක් ලබා දී ඇති අතර නිවස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටත් පියවර ගනිමින් තිබෙනවා.
 
කෙසේ වෙතත් එක ස්ථානයකින් ඉඩම් සොයාගැනීමේ ඇති ගැටළුව නිසා අපි මේ  වන විටත් ඉඩම් කට්ටි කිහිපයක් වෙන් වෙන් වශයෙන් ඔවුන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
 
සෙසු පිරිසට ඉතා ඉක්මණින් ඉඩම් ලබාදීමට අපි කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඇතැම් පිරිස් අප විසින් නම් කරන ලද අවදානම් තත්ත්වය නොතකමින් යළි තම නිවෙස් වෙත පැමිණ පදිංචි වීමට කටයුතු කරමින් සිටීම ගැටලුවක්.   අපගේ නිර්දේශවලට පිටින් පැමිණ යළි නිවෙස්වල පදිංචි වන  අය සම්බන්ධයෙන් වගකීම අපිට ගන්න බැහැ” යැයිද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් පැවැසුවාය.



අදහස් (0)

සොරණාතොට ආපදාවට ලක් වූ පවුල් 23කට ඉඩම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 884 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site