ඉන්දියාවේ සරණගතයින් ලෙස සිටි ශ්‍රී ලාංකිකයින් 75 දෙනෙකු ස්වේච්ඡාවෙන් අඟහරුවාදා (09) නැවත දිවයිනට පැමිණීමට නියමිත බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කියයි.
තමිල්නාඩු ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ කිහිපයක පිහිටි සරණගත කඳවුරු ආශ‍්‍රිත තාවකාලික නිවාස වල රැඳී සිටි ලාංකිකයින් පිරිස අතර පිරිමින් 43 දෙනෙකු සහ කාන්තාවන් 32 දෙනෙකු සිටින බව එම අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd