නිමල කොඩිතුවක්කු
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් රුපියල් මිලියන 27 කට අධික ප‍්‍රතිලාභ පාසල් සිසුන් මේ වනවිට හිමිකරගෙන තිබේ.
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට පෙබරවාරි දක්වා රක්ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6600ක් ශ‍්‍රි ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් සිසුන් ලක්ෂ 10ක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණයට අදාල රක්ෂණ කාඞ්පත් මේ වනවිට ලබා දි ඇති අතර මේ මාසය අවසන් වනවිට සිසුන් ලක්ෂ 20ක් දක්වා මෙම කාඞ්පත ලබාදිමට නියමිතය.
රජයේ පාසල් , පෞද්ගලික පාසල් පිරිවෙන් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ලක්ෂ 45කට ආසන්න පිරිසක් සඳහා මෙම සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් ප‍්‍රතිලාභ හිමිවේ.
ඒ අනුව සෑම පාසල් දරුවකු සඳහාම රුපියල් ලක්ෂ 02ක රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවන අතර ඔක්තෝම්බර් 01 වනදා සිට මෙම රක්ෂණාවරණය ආරම්භ විය.
මේ යටතේ පාසල් දරුවකුගේ බාහිර ප‍්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් දස දහසක්ද, රෝහල් ගත වීමේදි රුපියල් ලක්ෂය දක්වාත්, මව පියා මියගිය විට රුපියල් හැත්තෑපන්දහසක මුදලකුත් හිමිවේ.
එමෙන්ම දරුවා පූර්න ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් ලක්ෂයක මුදලක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා ප‍්‍රතිලාභ හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද දෙයක්. මේ වගේම රජයේ පාසල්, රෝහල් වල තියෙන අඩුපාඩුත් හදන්න.
මාගේ දරුවාගේ ඇස් කණ්ණාඩි ලබාගත් බිල්පත යොමු කර දැනට වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් ගෙවීම් සිදු නොවීය. මේ සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතිය භාරදුන් ස්ථානය - ශ්‍රි ලංකා ඉන්සුරන්ස් බෙලිඅත්ත ශාඛාව දරුවාගේ නම - ආර්.ඩී.ඩී. රාජපක්ෂ පාසල - හ / වලස්මුල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය දිනය - 2020 සැප්තැම්බර් මාසය
ඉහත නම් සදහන් වන ඉදුවර දසනායක වන මා හට දරුනු පිලිකා රෝග තත්වයක් ඇතිවෙලා තිබෙනවා .එම රෝගය සදහා යන ප්‍රතිකාර වලට යන වියදම් දරන්න මගේ පියාට අපහසුයි. මට අවුරුදු 19 යි . තාම පාසල් යනවා. මේ රෝග තත්වය නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නේ . අනේ පුලුවන් උපකාරයක් තියනවා නම් කරනවද .ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මට මැරෙන්න බෑ .තව කල් ජීවත් වෙන්න ඕනේ . අනේ පින්සිද්ද වෙයි. මොකක් හරි උදව්වක් කරන්න.
මගේ අප්පච්චි නැති වෙලා 2022.1..1 වෙනිදාට අවුරුදු 3 එත් මට තාම සුරක්ශා රක්ෂණය ලැබුණේ නැ පුලුවන් නම් ඉක්මනින් මට රක්ෂණ මුදල ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි මොකද මගේ අම්මට මේ වෙනකොට ස්නයු වල ප්‍රශ්නයක් තියෙන්නෙ තාම හරියට ලෙඩේ හොයා ගෙන නැ අපි සල්ලි නැතිව ගොඩක් අසරන වෙලා ඉන්නේ ඒ වගේම මත් ලොකු රෝගයකින් පෙලෙනවා ඒ රෝගේ නිසා මම දැන් පාසල යන එක නතර කරලා තියෙන්නෙ.