(කේ බුද්ධික කුමාරසිරි )
රටට එල්ල වී ඇති විදේශ බලවේගවල අත පෙවීම් සම්බන්ධව සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා යන මැයෙන් මෙරට බෞද්ධ,හින්දු,මුස්ලිම් සහ ක්‍රිස්ත්‍රියානි යන සියළුම ආගම් මුල් කර ගනිමින් ලබන 6 වැනිදා සවස 6 ට සත්‍යක්‍රියාවක් සිදුකරන බව ජාතික සමගිය සඳහා වූ ආගමික සංවිධානයේ සම කැඳවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ.
එම සත්‍යක්‍රීයාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව පැවසූහ.
වැඩි දුරටත් අදහස් දැක්වූ සෝමානන්ද හිමියෝ මෙසේද පැවැසූහ.
“මේ වන විට රට දැඩි ලෙස අරාජික තත්වයට පත්ව තිබෙනවා. පසුගිය වසර තුනහාමාරක කාලය තුළදී සිදු වූ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇති වූ කළකිරීම මත ජනාධිපතිතුමා මහ මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණය නිසාවෙන් ඒ පිළිබඳව අද වන විට අධිකරණ ක්‍රියා මාර්ග සිදු වෙමින් පවතිනවා.
මේ තත්ත්වය මත රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියල ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ දෙන අය කල්පනා කළ යුතු වෙනවා. එමෙන්ම රජය විසුරුවා හැරීම සම්බන්ධයෙන්ද අධිකරණ කටයුත්තක් සිදුවෙමින් පවතිනවා. එතකොට මේවට කවුද වග කියන්න ඕනෙ කියන එක පිළිබඳව අපි පසුවට කල්පනා කල යුතු වෙනවා.
මේ කටයතු දිහා බැලුවම අපට පෙනී යන්නේ අපේ රට මහා අගාධයකට ගෙනි යන්න විදේශීය බලවේග නතුවෙලා තියෙන බව පේනවා. ඇතැම් විදේශ තානාපති කාර්යාල සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ජාල අද වන විට ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් අපේ රටට වින කරන්න හදන බව පෙනී යනවා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරය ලබා ගන්න තව දිනයක් පරක්කු වූවා නම් අපේ රට බෙදීමට ලක් වෙන වැඩ කටයුතු රාශියක් සිදු වෙන් ඉඩ තිබුණා‘‘ යැයි උන්වහන්සේ පැවැසූහ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියලු ආගම් මුල් කරගත් සත්‍යක්‍රියාවක් 6 වැනිදා
athura Wednesday, 05 December 2018 05:09 AM
දැන් මහින්දත් අගමැති නෙමෙයිනේ ඔබ වහන්සේ කියනදේ ඇත්ත නම් දැනුත් ඒක වෙන්න පුලුවන්නේ.
ලුම්බිණි Thursday, 06 December 2018 04:16 AM
අපේ රට මහා අගාධයකට ගෙන යන්න විදේශීය බලවේග නතුවෙලා තියෙන බව පේනවා කියන්නේ ඒගොල්ලො ජනාධිපතිට කියල අගමැති අස් කරලා මහින්ද අගමැති කමට දාපු එකද?