(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ පළමුවන කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (15) හමුවූ කුඩා හඳුන් දිවි පැටවුන් තිදෙනෙකු නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් එම කාර්යාලයට රැගෙන යනු ලැබීය.
තේ වත්තේ කාණුවක කෑ ගසමින් සිටි මෙම දිවි පැටවුන් තිදෙනා තේ දළු නෙළමින් සිටි කාන්තාවන් විසින් වතුයායේ වෛද්‍යවරයා වෙත බාර දී ඇත.
පැටවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උඩවලව වන ජීවී පශු වෛද්‍ය අංශය වෙත යැවීම සඳහා නල්ලතන්නිය වන ජීවි කාර්යාලය වෙත රැගෙන යන බව වන ජීවි කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd