සම සෞඛය විද්‍යා උපාධි පාඨමාලාවේ කාලය අඩු කිරීමට එරෙහිව එම උපාධිය හදාරන සිසුන් කළ විරෝධතාවයේදී පොලීසිය සිසුන්ට අමානුෂික අන්දමින් පහරදී අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් සිසුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 8 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති , පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd