IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


සබරගමුවේ සෞඛ්‍ය ආයතන 98 කට වෛද්‍යවරු 190 ක් හිඟයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන දිස්ත‍්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, ප‍්‍රාදේශීය රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ විශේෂ වෛද්‍ය ඒකක යන ආයතන 98ක වෛද්‍ය නිලධාරීන් 190 දෙනෙකුගේ සහ සහකාර වෛද්‍ය නිලධාරින් 15 දෙනකුගේ උග‍්‍ර හිගයක් පවතින බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙයි.
 
මේ අතර දැනට සේවයේ යෙදී සිටින වෛද්‍ය  නිලධාරීන් 708 දෙනාගෙන් ප‍්‍රසූත නිවාඩු සහ අධ්‍යයන නිවාඩු ලැබූ පිරිසක් ද සිටින බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය. මේ තත්ත්වය යටතේ සබරගමු පළාතේ ලක්‍ෂ 20කට අධික ජනතාවකගේ සෞඛ්‍ය පහසුකම් සැපයීමේ දී බරපතල ගැටලූ රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
 
ඇඹිලිපිටිය  දිසා මහ රෝහල සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. සබරගමු පළාත්ට අමතරව, ඌව සහ දකුණු පළාතේ ජනතාව ද ඉන් සේවාවන් ලබති.
 
ඇහැලියගොඩ, කහවත්ත, බළන්ගොඩ, කලවාන, මාවනැල්ල, වරකපොළ සහ කරවනැල්ල යන මූලික රෝහල් හත ද සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. මීට අමතරව ප‍්‍රාදේශීය රෝහල් පනස් හයක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 30ක් ද, විශේෂ ප‍්‍රතිකාර ඒකක හයක් ද සබරගමු පළාත් සභාව මගින් පාලනය වන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පෙන්වා දෙයි.
 
මෙම සෞඛ්‍ය ආයතනවල සේවය කිරිමට අනුමත ව ඇති වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 898ක් වන නමුත් සේවය කරන්නේ 708කි. සහකාර වෛද්‍යවරුන් 85 දෙනෙකුගේ අවශ්‍යතාවක් ඇතත් සේවය කරන්නේ 70කි. ඉන් ඉදිරියට සබරගමු පළාත් සභාවේ සෞඛ්‍ය සේවයට සහකාර වෛද්‍යවරුන්ගේ සේවය ලබා නොගන්නා බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. ඒ අනුව සහකාර වෛද්‍ය සේවයේ නියුතුවු නිලධාරියෙකුගේ විශ‍්‍රාම යාමක් හෝ ඉවත්වීමක් මත පුරප්පාඩුවන එම තනතුරු සදහා වෛද්‍ය නිලධාරීවරයෙකුම බඳවා ගැනීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ ද සබරගමු පළාතෙන් සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබාගැනීමක් නොවනු ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළේය. මේ අතර පසුගිය 01දා සබරගමු පළාත් සෞඛ්‍ය සේවයෙන් විශ‍්‍රාම ලැබූ සහකාර වෛද්‍ය නිලධාරින් සිව්දෙනෙකු කොන්ත‍්‍රාත් පදනම මත පළාත් සෞඛ්‍ය සේවාවට යළි එක්කර ගැනීම පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ප‍්‍රධානත්වයෙන් ජූලි 02දා සිදුවිය.



අදහස් (0)

සබරගමුවේ සෞඛ්‍ය ආයතන 98 කට වෛද්‍යවරු 190 ක් හිඟයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 593 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 344 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 489 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site