IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සබරගමුවේ අධ්‍යයන කටයුතු 23 වැනි දා ඇරඹෙයි


 
ප්‍රින්ස් රත්නායක

 
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 23 වැනි දා සිට ආරම්භ කරන බව සබරගමුව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී.කිත්සිරි මහතා දන්වා සිටියි. 

සියලු පීඨයන්හි වසරවල නේවාසිකාගාර හිමි සියලුම සිසුන් අප්‍රේල් 22 වැනි දා නේවාසිකාගාර වලට වාර්තා කළ යුතු බව ලේඛකාධිකාරිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

දින 47 ක වර්ජනයකින් පසුව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් 17 වැනි දා සේවයට වාර්තා කිරීමට නියමිත බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. 

“ මාස දෙකකට ආසන්න කාලයක් පැවති වර්ජනය නිමා කර 17 දා සේවයට වාර්තා කිරීමට කටයුතු කරනවා.  10%  කින් වැඩිකිරීමට එකඟවූ මාසික හිලව් දීමනාවට අදාළ චක්‍රලේකය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පසුගිය 12 වැනි දා නිකුත් කර ඇති බැවින්  එදින සිට වර්ජනය අවසන් කිරීමට තීරණය කළා.  

සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුව 17 වැනි දා සිට සියලු සේවකයින් සේවයට වාර්තා කිරීමට සුදානම් ව සිටිනවා.  එසේ වුවද   එකඟවූ 10% දීමනාව වැඩිකිරීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වියයුතු වුවත් එය අප්‍රේල් 15 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේකය නිකුත් කර තිබෙන බැවින්  ඒ ගැන වෙනම සාකච්ඡා කිරීමට අදහස් කරනවා’’ යැයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාලති එඩ්වඩ් මත්වත්ත මහතා කීවේය. 



අදහස් (0)

සබරගමුවේ අධ්‍යයන කටයුතු 23 වැනි දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site