IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමු සරසවියේ රසායනාගාරයක සුළු පිපිරීමක්

(අජිත්ලාල් ශාන්තඋදය , වයි.ඒ.එස් වීරසිංහ සහ සම්පත් ප්‍රියනන්දන)

අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටි සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනෙකු එහි රසායනාගාරයේ සිදු වූ පිපිරීමකින් අද (13) තුවාල ලබා බළන්ගොඩ සහ  පඹහින්න රෝහල් වලට ඇතුළත් කළ බව සමනලවැව පොලිසිය පවසයි.

සිසුන් හතර දෙනාගෙන් තිදෙනකු පඹහින්න රෝහලේ බාහිර රෝගී අංශයෙන්  ප්‍රතිකාර ලබා  පිටව ගොස් ඇති බවත් එක් සිසුවෙක්   බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.

සිසුන් රසායනාගාරයේ රසායනික පරීක්ෂණයක නිරතව සිටියදී මෙම පිපිරීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම පිපිරීම සුළු පිපිරීමක් බවත් එය කඩාකප්පලිකාරී ක්‍රියාවක් නොව රසායනාගාර පිරීක්ෂණයකදී සිදුවූ  සිදුවීමක් විය හැකි බවත් සබරගමුව විශ්ව විද්‍යාලයයේ  උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සබරගමු සරසවියේ රසායනාගාරයක සුළු පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site