වියලුව වාර්තාකරු.
මහියංගන නගරයේ පුද්ගලික බස් නැවැතුම් පල ඉදිරිපස පිහිටි සපත්තු වෙළද සැලක ඉකුත් 09 වන දින රාත්‍රී 9.30 ට පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එම වෙළද සැල මුලුමනින්ම ගිණිගෙන විනාශයට පත්ව ඇති අතර ඊට යාබදව පිහිටි වෙළදසැලකටද ගින්නෙන් බරපතල හාණි සිදුව ඇතැයි මහියංගන පොලිසිය පවසයි.
ගින්න හට ගැනීමත් සමගම ක්‍රියාත්මක වූ මහියංගන පොලීසියේ නිලධාරීහු,ප්‍රදේශවාසින් පිරිසක්ද සමග ගින්න නිවා දමා ඇති අතර ඒ හේතුවෙන් සිදුවීමට තිබූ මහා විනාශයක් වැලකී ගොස් ඇත.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති අතර එය විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd