ගංවතුරින් ආපදාවන්ට ලක්වූ අපේ රටේ ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට මාධ්‍ය ආයතන කිහිපයක් ද ඇතුලුව ආයතන රැසක් 'සෙනෙහසේ සියපත' නමින් බැංකු ගිණුමක් ආරම්භ කළේය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නංවා ඇත.
'සෙනෙහසේ සියපත' ගිණුම ආරම්භ කොට දින දෙකකින් පසුව එකතූ වූ මුදලින් ගංවතුරින් ආපදාවන්ට ලක්වූවන්ගේ නිවාස හා අවට පරිසය පවිත්‍ර කිරීම, ළිං පිරිසිදු කිරීම වැනි කාර්යයන් වෙනුවෙන් වතුර මෝටර් හා උපාංග ලබාදීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සඳුදා (23) සිදු කැරිණි. දින දෙක තුළ රුපියල් ලක්ෂ350ක ආධාර මුදල් මෙම සත්කාර ගිණුමට එක්තුවී තිබිනි.



COMMENTS