(නවරත්න සමරතුග)
අම්පාර දීඝවාපිය ප‍්‍රදේශයේ බඩ ඉරිඟු ගොවීහු පිරිසක් අද (28) සේනා දළඹු හානියෙන් වගා පළුදු තමන්ට හිමි වන්දි මුදල් ප‍්‍රමාද විනැයි කියමින් අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නියැලුණහ.
මෙම අවස්ථාවට ගොවීහු සහ ගොවි කාන්තාවෝ 30 දෙදෙනකු පමණ සහභාගී වූහ.
මේ අතර ගොවි නියෝජිතයින් කිහිපදෙනෙකු දිසාපති කාර්යාලය වෙත කැඳවනු ලැබූ අතර ඒ වන විට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා දිසාපතිවරයා බැහැරක ගොස් සිටියේය.
අතිරේක දිසාලේකම් ඒ.එම්.ඒ.ලතීෆ් සහ දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස්.ඒ.කලීස් යන මහත්වරුන් ගොවි නියෝජිතයින්ට පැවසුවේ මහා භාණ්ඩාගාරයෙන් මෙම මුදල් නිදහස් කළ වහාම ගෙවීම් කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝදතා? කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උපදෙස්ද, නැතිනම් පෞද්ගලික ආයතන වල උපදෙස්ද ලබාගත්තේ. මේ කිසිත් නැතිව තම තමන්ගේ හිතු මනාපෙටද වගා කලේ? පහුගිය දවස්වල තිබුණු විවිද රුපවාහිනි සාකච්චාවලදී අනාවරණය උනේනම් ඔය කියන දළඹුවා ව්‍යප්තවන කාලයේදී බඩ ඉරිඟු වගාව නොකළයුතු බවය. සොභාදහමට පිටුපැවහම අයත් වන ප්‍රතිපල.